හැමදාම කතාව ගැන අළුත්ම තොරතුරු / පින්තූර බලන්න ලයික් එකක් දාල එකතු වෙමු

Friday, June 5, 2015

කතාවෙ ප්‍රධාන චරිත ඔක්කොම මෙන්න....





අළුත් කතාව තවමත් නොබලපු යාළුවන්‍ට සහ අළුතින් කතාව බලන්න පටන් ගත්තු යාළුවො හැමෝටම තමා මේ ලිපිය ලියන්න හිතුවෙ..කතාවෙ ප්‍රධාන චරිත ඔක්කොම ගැන ඔන්න මේ ලිපියෙ තියෙනවා..



Lee Hwon / ලී වොන් 이훤

https://fbcdn-photos-d-a.akamaihd.net/hphotos-ak-xat1/v/t1.0-0/11295942_970880112951887_8421973631542250409_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=590a5533fbf75b3cdd338b7e3906befd&oe=55F0D4CD&__gda__=1443000082_fa29a79cce112cd6b10bf6e43403b3c2

Lee Hwon / ලී වොන් 이훤 මොහු... කොරියාවේ ජොසෙන් රාජ්‍ය සමයට අයත් මන:කල්පිත රජකෙනෙකි.
මෙම කතාවේ පළමු හිරු ලෙස හදුන්වන්නේ මෙතුමායි.
කුඩා කල පටන් ජන ප්‍ර්සාදය දිනාගත් බුද්ධිමත් රජ කෙනෙකි.
මොහු යොන් වූ නම් වංශවත් තරුණියට දැඩිලෙස ආදරය කලද, අවාසනාවන්ත සිදුවීමක් නිසා අකමැත්තෙන් වුවද යූන් බෝ නම්
තරුණිය තම අග බිසව කරගැනීමට සිදුවේ.

මෙම චරිතයට පණ පොවන Kim Soo-Hyun පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Kim_Soo-hyun
කුඩා කල චරිතයට පණ පොවන Yeo Jin-Goo පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Yeo_Jin-go


 Heo Yeon-woo / හියෝ යොන් වූ 허연우 (Wol/වොල් 월


https://fbcdn-photos-a-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-0/13360_970889802950918_4196589532911707309_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=b06dd1a368722c9bc4d356dfe287f046&oe=55F8F540&__gda__=1443458791_414e0b4e3ae88d83a18f245323e155d7 

Heo Yeon-woo / හියෝ යොන් වූ 허연우 (Wol/වොල් 월) ඇය ,
හියෝ යොන් ජේ රාජකීය උපදේශකතුමාගේ දියණිය
වන මැය මෙම කතාවේ පළමු සද වේ.
ලී වොන් රජුගේ කුමාර කාලයේදීම ඔහුගේ බිසව වීමට
අවස්ථාවක් ලද මුත් දෛවයේ සරදමින් ඇයට ඒ සියල්ල අහිමිවන අතර පසුව මාළිගයේ ශාන්තිකර්ම සිදුකරන අංශයේ සේවිකාවක්ද වෙයි.
මැය අධිශ්ඨානයෙන් කටයුතු කරන ඉතා බුද්ධිමත්, රූමත් තැනැත්තියකි.

මෙම චරිතයට පණ පොවන Han Ga-In පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Han_Ga-in
කුඩා කල චරිතයට පණ පොවන Kim Yoo-Jung පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Kim_Yoo-jung 


Prince Yang-Myeong / යන්ග් මියුන්ග් කුමරු 양명군

https://fbcdn-photos-e-a.akamaihd.net/hphotos-ak-xtf1/v/t1.0-0/11015177_970996416273590_587767189764760476_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=555acd3e40e5b478f73ef08d9808ba8e&oe=55F908A3&__gda__=1442847329_eb3da8890c51255b1dc240904a801550 

Prince Yang-Myeong / යන්ග් මියුන්ග් කුමරු 양명군 වන මොහු,
ලී වෙන් මහ රජුගේ අර්ධ සහෝදරයා වන මොහු
මෙම කතාවේ දෙවන හිරු වේ.
මොහුද කුඩා කල පටන් යොන් වූට දැඩිසේ ප්‍රේම කරන බැවින්
ලී වෙන් සමග මත ගැටුම්ද ඇතිකර ගනී.
තමුන් උපබිසවකගේ පුතෙකු වීම නිසා
මාළිගයෙන් පිටත ජීවත්වන අතර
බොහෝ අසාධාරණකම් වලට මුහුණදීමට ඔහුට සිදුවේ.

මෙම චරිතයට පණ පොවන Jung Il-Woo පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Jung_Il-woo
කුඩා කල චරිතයට පණ පොවන Lee Min-Ho පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Lee_Min-ho_%28actor_born_1993%29 


Yoon Bo-kyeong / යූන් බෝ ක්යුන්ග් අග බිසව 윤보경

https://fbcdn-photos-c-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-0/10730826_970997689606796_5652707666639020311_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=5a48d0e692d549134cf5c6b8c12a87c0&oe=56084687&__gda__=1442929471_4329522fb22915682f2fb626785b10db 

Yoon Bo-kyeong / යූන් බෝ ක්යුන්ග් අග බිසව 윤보경
මෙතුමිය ලී වොන් රජුගේ අග බිසව වුවද
රජුගේ සිත දිනාගැනීමට වාසනාවක් නොලද තැනැත්තියකි.
මෙම කතාවේ දෙවන සද ලෙස හදුන්වන්නේ ඇය‍යි.
යූන් ඩේ හයුන් අමාත්‍යගේ දියණිය වන ඇය
තම පියාගේ අනුදැනුම මත කටයුතු කරයි.
තම පියාට සේම දරුණු ගතිගුණ ඇයටද හිමිව ඇත.

මෙම චරිතයට පණ පොවන Kim Min-Seo පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Kim_Min-seo
කුඩා කල චරිතයට පණ පොවන Kim So Hyun පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Kim_So-hyun 

Princess Min-hwa / මින් හවා රජකුමරිය  (민화공주)
 
https://fbcdn-photos-b-a.akamaihd.net/hphotos-ak-xtp1/v/t1.0-0/11111116_973869902652908_8118138083453827536_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=a42c402b1d58b09d5523d9b86dfa8bb3&oe=55F14E89&__gda__=1441287359_5c086f71e508a6475c9037cbae202b98 
Princess Min-hwa / මින් හවා රජකුමරිය  (민화공주)
ලී වොන් මහරජුගේ නැගණියයි.
කුඩා කල පටන්ම දගකාරකම්, හිතුවක්කාරකම් කරනා මැය
හියෝ ඉයොම් ගුරුතුමා දුටුදා පටන් ඔහුගේ රුවට දැඩිසේ ආශා කරයි.
පසු කලෙක කෙසේ හෝ හියෝ ඉයොම් ගුරුතුමා
තමා සතු කරගැනීමට ඇය සමත් වේ.

මෙම චරිතයට පණ පොවන Nam Bo-Ra පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Nam_Bo-ra
කුඩා කල චරිතයට පණ පොවන Jin Ji-Hee පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Jin_Ji-hee 
 
 Heo Yeom / හියෝ ඉයොම්  (허염)

https://fbcdn-photos-h-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-0/10923276_973868499319715_118960465149060215_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=53b880ec57fa53be137f821f0a72f018&oe=55F7B655&__gda__=1441833422_6c3818d0937c99e738dd9e567596a2c3
  
 Heo Yeom / හියෝ ඉයොම්  (허염)
රාජ්‍ය උපදේශකතුමාගේ පුත්‍රයා සේම
යොන් වූ ගේ සහෝදරයාද වේ.
මොහු ඉතා පැහැපත් රුවකට උරුමකම් කියූ
අසමසම බුද්ධියකින් හෙබි තරුණයෙකි.
ලී වොන් රජුගේ කුමාර කාලයේ කුමරුගේ
සාහිත්‍ය ගුරුතුමා වන මොහු පසු කලෙක
රජ කුමරියගේ සැමියා බවට පත්වේ.

මෙම චරිතයට පණ පොවන Song Jae-Hee පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Song_Jae-hee
කුඩා කල චරිතයට පණ පොවන Yim Si-wan පිළිබඳව
දැනගන්න මෙතැනට යන්න…
http://en.wikipedia.org/wiki/Yim_Si-wan


 Kim Chae Woon / කිම් චේ වූන්

 https://fbcdn-photos-f-a.akamaihd.net/hphotos-ak-xft1/v/t1.0-0/11150498_976109465762285_7699855026444164928_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=30ed22486d973504fcc636273e9e0c1c&oe=55EB95C0&__gda__=1442999370_ed6328bad85aa24f875bf14244aa2ce0


Kim Chae Woon / කිම් චේ වූන්

සාමාන්‍ය පවුලක ඉපිද, කුඩා කලදීම රාජ්‍ය සේවයට
සමත්වී මාළිගයට පැමිණිමට වරම් ලබාගනී.
පසුව ලී වොන් මහරජුගේ ප්‍රධාන ආරක්ෂකයා වන මොහු
තම දිවිහිමියෙන් රජු ආරක්ෂා කරනා වීර සෙන්පතියෙකු වේ.
මොහු යන්ග් මියුන් කුමරුගේ සහ හියෝ ඉයොම් ගුරුතුමාගේ
සමීපතම මිතුරෙකි.

මෙම චරිතයට පණ පොවන Song Jae-Rim ගැන දැනගන්න මෙතැනින් යන්න…
http://en.wikipedia.org/wiki/Song_Jae-rim
කුඩා කල චරිතයට පණ පොවන Lee Won-Keun ගැන දැනගන්න මෙතැනින් යන්න…
http://en.wikipedia.org/wiki/Lee_Won-keun

 Seol (설) සියොල්


https://fbcdn-photos-g-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-0/10931025_976111265762105_4213712492704752695_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=9f5cbe0a3c42c5524897d29685063625&oe=55EEA5FF&__gda__=1442229193_b8acc2ced763c46e235a67e63df53953 

Seol (설) සියොල්

යොන් වූ ගේ විශ්වාසවන්තම සේවිකාව
මෙන්ම සමීපතම මිතුරිය ඇයයි.
අසිපත් සටන් වලට දක්ශකම් දක්වන ඇය
තම ස්වාමීදියණිය දිවිහිමියෙන් ආරක්ෂා කරයි.
තවද මැය හදවතින්ම හියෝ ඉයොම් ගුරුතුමාට
දැවිසේ ආදරය කරයි.

මෙම චරිතයට පණ පොවන Yoon Seung-Ah ගැන දැනගන්න මෙතැනින් යන්න…
http://en.wikipedia.org/wiki/Yoon_Seung-ah
කුඩා කල චරිතයට පණ පොවන Seo Ji-Hee ගැන දැනගන්න මෙතැනින් යන්න…
http://en.wikipedia.org/wiki/Seo_Ji-hee 

Saturday, May 30, 2015

Hiru Sandu Adareyi - හිරු සඳු ආදරෙයි  | ජාතික රූපවාහිනියෙන් ඔබ වෙත....

          
හිරු අවරට යන හෝරාවේ තවත් ඉරක් ඔබේ ආලින්දයට පැමිණෙයි. ඒ අහස් කුසේ මෝදු වන සඳුට ආදරය කිරීමටයි. “හිරු සඳු ආදරෙයි” ජාතික රූපවාහිනියේ පස්වරු හයයි තිහට ආලින්දය රසිකාගාරයක් කරන ඓතිහාසික කොරියානු ටෙලි අන්දරයයි.
2012 වසරේදී එම්. බී. සී. නාළිකාවෙන් විකාශය වූ “මූන් එම්බ්‍රේසිං ද සන් (ද සන් ඇන්ඩ් ද මූන් / හේරෝල් පූමෝන් දාල්) සිංහල දෙබසින් රස ගැන්වෙන්නේ “හිරු සඳු ආදරෙයි” නමිනි.
ජොසොං රාජ්‍ය සමය පසුබිම් කරගෙන ප්‍රබන්ධ කළ මේ කතාවේ චරිත සියල්ලක්ම මනඃකල්පිතය. ආදරය, ගුප්ත ශාස්ත්‍රය, කුතුහලය සපිරි මේ කතාව ලී හ්වෝන් කුමරු සහ යොන් වෝ (පසුව වූල්) වටා ගෙතී ඇත.
රාජකීය නැකැත් හලේ ආරි නම් පේනකාරිය රජුගේ අඩ සොයුරකු ඝාතනය කරනවා සිහිනෙන් දුටුවාය. රෑ මැදියම මාළිගයට දිව ගිය ඇය සැබෑවටම කුමරු ඝාතනය වනවා දකින්නීය. මිනීමැරුම සිදුකරන ලද්දේ රටේ අග රැජන (දොවාගර් රැජන) සහ ඇයට පාක්ෂික ඇමැතිවරුන් විසිනි. ඝාතකයන් ආරි දුටු අතර ඇය ඔවුන්ගෙන් බේරී පලා යාමේදී තුවාල ලබන්නීය.
තුවාල ලැබූ ඇයට පිහිටවන්නේ ගැබ්බර කුල කාන්තාවකි. කුල කාන්තාවගේ කුසෙහි වැඩෙන්නේ රටේ අග රැජන වීමට වරම් ලබන්නි ය බව ඇයට ගුප්ත බලයෙන් පෙනෙයි.
ආරි කුරිරු ඝාතකයන්ට කොටුවන අතර සිරගත කර සිටින විට තමන්ව බැලීමට එන රාජකීය නැකැත් හලේ මිතුරිය වන නොක් යොංට කුල කාන්තාවට උපදින දරුවා ආරක්ෂා කිරීමේ වගකීම පවරන්නීය.
යොන් වෝ එම වාසනාවන්ත දියණියයි. රුවින් මෙන්ම නුවණින් ද පිරිපුන් වෙමින් වැඩෙන ඇයට අහඹු ලෙස කිරුළ හිමි ලී හ්වොන් කුමරු මුණ ගැසෙයි. නව යොවුන් වියෙහි පසුවන කුමරුගේ සිත ඇය කෙරෙහි බැ‍ඳෙයි.
කිරුළ හිමි කුමරුගේ අනාගත කුමරිය තේරීමට උසස් පවුල්වල නව යෞවනියන් කිහිප දෙනකු තෝරාගෙන පුහුණු කරයි. යොන් වෝ සහ දොවාගර් අගරැජනගේ ද ඥාති දියණියක අතර තරගය පැවැත්වෙන අතර කුමරුගේ අනාගත බිසව වීමට වරම් ලැබෙන්නේ යොන් වෝටයි. තම ඥාති දියණියට එම අවස්ථාව ලබාදීම සඳහා දොවාගර් රැජන නොක් යොං නැකැත්කාරියට කියා යොන් වෝ රෝගී කර මරණයට පත් කළාය. එහෙත් නොක් යොං ආරිගේ වචනයට පිටු නොපා ගුප්ත බලයෙන් යළි ඇයට ආත්මය ලබා දුන්නීය. නැකැත්වරියක ලෙස නොක් යොං ඇය හදාවඩා ගත්තාය.
වූල් ඇයගේ අලුත් ආත්මයේ නමයි. ලී හ්වෝන් සහ වූල් හමුවීමේ දෛවය වෙනස් කිරීමට දොවාගර් අග රැජනට ඉඩ ලැබෙන්නේ නැත. එහෙත් ඉර සඳු එක්වීම දුලබ සේම ඔවුනගේ හමුවීම ද දුෂ්කර ක්‍රියාවලියක රසාලිප්ත අවසානයක් වෙයි.
2012 වසරේ විකාශය වූ නාට්‍ය අතරින් කොරියාවේ වඩාත් ජනප්‍රියම සහ හොඳම නාට්‍ය බවට පත්වූයේ “මූන් එම්බ්‍රේසිං ද සන්” ය. පෙක් සං, එම් බී සී සම්මාන, කොරියානු නාට්‍ය සම්මාන වර්ල්ඩ්ෆෙස්ට් - හූස්ටන් ආදි සම්මාන උලෙළ ගණනාවකදීම මේ නාට්‍යයට සම්මාන රැසක් හිමි විය.
එදා මෙදා තුර (සර්වකාලීන) කොරියානු රසිකයන් අතර වඩාත් ජනප්‍රිය නාට්‍ය පනහ අතර හතළිස් හය වැනි තැනට ජනතා මනාපයෙන් තේරී ඇත්තේ මූන් එම්බ්‍රේසිං ද සන් ය. නාට්‍ය නිර්මාණය කර තිබෙන්නේ එම නමින්ම යුතු ජුං ඉයුන් ග්වොල්ගේ නවකතාවෙනි.
ජපානය, පිලිපීනය, සිංගප්පූරුව, ඉරානය, තායිලන්තය, හොංකොං, තායිවානය, මැලේසියාව, ඉන්දුනීසියාව යන රටවල නාළිකා මඟින් ද මෙම නාට්‍ය විකාශය කර තිබෙන අතර එම් බී සී නාළිකාවෙන් විකාශය වූ නාට්‍ය අතරින් දෙවැනි තැනට වැඩිම ආදායමක් ලැබී ඇත්තේ ද මෙමඟිනි.
කොරියානු නළුවන් අතර කිම් යූ හියුන් අංක එකේ නළුවා බවට පත්වූයේ ලී හ්වෝන් චරිතයෙනි. ලී හ්වෝන් චරිතය කොරියාවේ “හ්වෝන් උන්මාදයක්” “හ්වෝන් සින්ඩ්‍රෝමයක්” ඇති කළේය.
කිම්ට වෙළෙඳ දැන්වීම් දාහතක පෙනී සිට වාර්තාවක් ද පිහිටුවීමට හැකි විය. ලැප්ටොප්, කැමරා, ආපනශාලා, ආදි බොහෝ දේ ඒ අතර තිබිණි. තවමත් විසිහත් හැවිරිදි ඔහු නළුවකු, මෝස්තර නිරූපණ ශිල්පියකු වාගේම ගායකයකු ද වෙයි.
ප්‍රධාන තාරකාව වූ තිස්තුන් හැවිරිදි කිම් හියුන් ජූගේ රංගන ජීවිතයට වාසනාව ගෙනාවේ මූන් එම්බ්‍රේසිං ද සන් නාට්‍යයේ යොන් හා වූල් චරිතයි.
“හිරු සඳු ආදරෙයි” නාට්‍යයේ අපට හුරුපුරුදු කොරියානු තරු කීපයක්ම රංගනයේ යෙදෙති. “සිරිමැටි සිත්තරාවි” නාට්‍යයේ ‍ජොයිගේ කුඩා කාලය නිරූපණය කළ ජින් ජී හී, සුජාත දියණිය නාට්‍යයේ හං පාලිකාවට රැඟු යෑං මි-කියුං ද ඒ අතර වෙති. “ද මූන් එම්බ්‍රේසිං ද සන් නාට්‍ය දර්ශන බොහොමයක්ම රූගත කර තිබෙන්නේ දොංයී රූගත කළ යොංගි ප්‍රාන්තයේයි.
“හිරු සඳු ආදරෙයි” හඬ කැවීම් අදියුරු උපදෙස් තේමා ගී නිර්මාණය සහ සැකසුම හඬ කැවීම් ඒකකයේ අදියුරු අතුල රන්සිරිලාල් ගෙනි. ජයන්ත රත්නායක සංගීතයෙන් ද සෝමපාල රත්නායක තනු නිර්මාණයෙන් ද ගායනයෙන් රොහාන් ශාන්ත බුලේගොඩ, නෙලූ අධිකාරී ද දායක වී තිබේ.